We have been working hard to launch our මතකයන් (Mathakayan) Online Tickets this weekend. However, we have encountered some technical instabilities that are currently beyond our control. To ensure you have the best experience possible, we have made the difficult decision to hold the release for a few days.
We will notify you as soon as the platform is live. Please rest assured that all tickets already purchased are secure, and we will be contacting each of you individually to confirm your order. Thank you for your patience and support.

“ටොරොන්ටෝ හද ගැස්ම” සේයා රූ මතක

එකම දවසක,  එකම වේදිකාවක , එකිනෙකට වෙනස් සංගීත ශානරවල විවිධ භාෂාවන්ගෙන් තම නිර්මාණ ඉදිරිපත් කරන  සංගීත කණ්ඩායම් 13ක් සහ ඩීජේවරුන් පස් දෙනෙක් ප්‍රසංගයක් වෙනුවෙන් එකතුවීම අසාමාන්‍ය දෙයක්.

2025  දෙසැම්බර් මස 14 වැනි ඉරිදා සවස ටොරොන්ටෝවේ Royal king Event Centre  ශාලාවට ශ්‍රී ලාංකිකයන් එකතු වුණේ ටොරොන්ටෝ හද ගැස්ම ප්‍රසංගය වෙනුවෙන්.

ප්‍රසංගය කඩිනමින් සංවිධානය වූයේ පසුගියදා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාව ගොඩනැංවීම වෙනුවෙන් ඇරඹූ අරමුදලට මුදල් එකතු කිරීමටයි.

දැඩි ශීතලත්,  ඉන් පසු දා උදෑසන රාජකාරි කටයුතු ගැනත් නොසිතා, විශාල පිරිසක් ඒ වෙනුවෙන් එක්ව සිටියා.

ටොරොන්ටෝ ඉතිහාසයේ පළමුවරට සංවිධානය කෙරුනු  මේ ප්‍රසංගය ජෝන් පෙරේරා, ප්‍රමුඛ සංවිධායක මඩුල්ලක් විසින් සංවිධානය කෙරුණේ දින  දහයක් වැනි කෙටි කලකදී .

ශ්‍රී ලාංකික ශබ්ද  ඉංජිනේරුවරුන්, ප්‍රසාංගික සහාය ශිල්පීන්,  වීඩියෝ තිර සැපයුම්කරුවන් ,  සියලුම සංගීත කණ්ඩායම් සහ dj වරුන් මේ වෙනුවෙන් තම යුතුකම ඉටු කළේ කිසිදු මුදලක් අය නොකරමින්.

මේ උත්සවය වෙනුවෙන් විශේෂ තේමා ගීයක් රචනාවී තිබුනු අතර වැඩසටහන අවසානයේදී එය සියළු කණඩායම් එකතුව ගායනා කෙරුනා. මේ අවස්ථාව  ආවරණය කිරීම සඳහා ටොරොන්ටෝවේ  සියලු ප්‍රජා මාධ්‍ය ආයතන සහභාගි වීමත් සුවිශේෂයි.

සේයා රූ – මුහුණු පොත් පිටුවෙන්

https://www.facebook.com/mapleceylon

වචන දහසක් කියන පින්තූර – ශ්‍රී ලංකැන් නිව්ස් සේයාරූ ප්‍රතිපත්තිය

ඩිජිටල් අවකාශයේ තිබෙන ඉඩකඩ සීමාවන් හේතුවෙන් අප පලකිරීම සඳහා තෝරාගන්නා සීමිත සේයාරූ මුල් හිමිකරුවන්ගේ අවසරයෙන් ලබාගෙන ඇති අතර කිසිදු පුද්ගල චරිතයක් ඉස්මතු කිරීමේ හෝ පහත හෙලීමේ අරමුණකින් තොරව අදාල සිදුවීම වාර්තා කිරීමේ පොදු තේරීමට යටත්ව පළකර ඇති බව සටහන් කරමු.